
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (21) කුවේට් රාජ්‍ය වෙත පැමිණ තිබේ.
දෙදින සංචාරයක් සඳහා මෝදි එලෙස කුවේට් වෙත පැමිණ ඇති අතර එය දශක 4කට වැඩි කාලයකට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු විසින් කරන ලද පළමු සංචාරය වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු අවසන් වරට කුවේට් රාජ්‍යයේ සංචාරය කර ඇත්තේ මීට වසර 43කට පෙරය.
සිය දෙදින සංචාරයේදී අගමැති මෝදි කුවේට් රාජ්‍යයේ ඉහළම නායකත්වය සමග සාකච්ඡා පවත්වනු ඇත.





















































