වරප්‍රසාද සීමා කිරීමට චිත්‍රසිරි වාර්තාව අධ්‍යයනය කරමින් සිටිනවා - නලින්ද ජයතිස්ස
December 3, 2024 03:56 pm
මැතිඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.
"ජනාධිපතිවරයා පත්වූ පසු කමිටුවක් පත් කළා..මැතිඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන්. ඔවුන්ගේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා."
"ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් නිර්දේශ කරලා තියෙනවා යම් යම් වරප්‍රසාද කොහොමද සීමා කරන්නේ කියන එක පිළිබඳව. මේ සියල්ල අපි එකට සලකා බලන්නේ."
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (02) භාරදී තිබුණි.
කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ සංයුතිය,
කේ.ටී.චිත්‍රසිරි මහතා - (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ඩී. දිසානායක මහතා - විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය - විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති