නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු 22ක් නාවික හමුදා භාරයට
August 2, 2025 10:34 am
තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නාක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 22ක් සමග ඩිංගි යාත්‍රා 5ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 23 - 31 කාලය තුළ මෙරට මුහුදු සීමාව ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකර තිබේ.
මෙම වැටලීම්වලදී අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් 210ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිකුණාමලය කොඩ්බේ, කුඹුරුපිඩ්ඩි, කින්නියා, මූතූර් සහ මන්නාරම කකරතිව් යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර තිබේ.