රුසියානු හිටපු ජනපතිගේ ප්‍රකාශයට ට්‍රම්ප් දැක් වූ ප්‍රතිචාරය
August 2, 2025 09:31 am
න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු සීමාව තුළ ස්ථානගත කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කර තිබේ.
රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිදුකළ ප්‍රකෝපකාරී ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇත.
රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ, මොස්කව්හි අවසාන විසඳුම සෝවියට් දේශයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් බව ට්‍රම්ප් මතක තබා ගත යුතු බවය.
එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස අමෙරිකාවේ ආරක්ෂාව උදෙසා මෙලෙස න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු සීමාව තුළ ස්ථානගත කර තිබේ.