
වයඹදිග පාකිස්තානයේදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු හමුදා මුරපොළක් අසල පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් පුපුරුවා හැර ඇති අතර, ඉන් පසුව තවත් පිරිසක් වෙඩිතැබීම් සිදුකර ඇතැයි වාර්තා වෙයි.
මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ ඉකුත් සඳුදා ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි එම කලාපයේම හමුදා සෙබළුන් ඉලක්ක කර එල්ලවූ ප්‍රහාරයකින් සෙබළුන් 08 දෙනෙකු මිය ගිය පසුබිමක් තුළය.



















































