සයුරෙන් එතෙර
බංග්ලාදේශ රජයට ඉන්දියාවෙන් යළි මතක් කිරීමක්
November 8, 2024 01:20 pm
බංග්ලාදේශයේ හින්දු ප්‍රජාවට පහරදීම් පිටුපස සිටින අන්තවාදී කොටස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බංග්ලාදේශ රජයෙන් ඉල්ලා තිබේ.
ඉන්දියාව පෙන්වා දෙන්නේ ගිනි අවුලුවාලන සමාජ මාධ්‍ය සටහන් නිසා මෙම තත්ත්වය මතුවී ඇති බවය.
බංග්ලාදේශයේදී පීඩාවට පත්වෙන හින්දු භක්තිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පැහැදිලි කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.
පහරදීම් පමණක් නොව, දේපොළ කොල්ලකෑම් ද සිදුවෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හින්දු භක්තිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බංග්ලාදේශය දැඩි පියවර ගතයුතු බවත් අන්තවාදී කොටස්වලට එරෙහිව කටයුතු කරන ලෙසත් ඉන්දියාව නැවත වරක් බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටින බවද එහිදී මතක් කර තිබුණි.