
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාව බලා පිටත්වී ගොස් තිබේ.
ඒ රුසියාවේ කසාන් හි පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වීම සඳහාය.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදිනක් පුරා රුසියාවේ රැඳීසිටින බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත.
ඊට සමගාමීව ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හමුවීමට නියමිතය.



















































