header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 12ට බසියි
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 12ට බසියි
Mobitel 1278

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් සහනාධාරයක් ලෙස ලබා දුන් අස්වැසුම ප්‍රතිලාභය ලබන්නන්ගේ සංඛ්‍යාව පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අඩකින් අඩුවීම පිළිබඳව අද (11) පාර්ලිමේන්න්තුවේදී අවධානයට ලක් විය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ පැනයකට මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරකට අනුවය.

එහිදී විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබා දෙන අස්වැසුම සහනාධාරය කප්පාදු කරන ලෙස ලබා දුන් උපදෙස් අනුව මෙම කප්පාදු කිරීම සිදු කළේද යන්නය.

මීට පිළිතුරු ලබා දෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කළ බවත් එම වැඩසටහන ආරම්භයේදීම ඒ තුළ නැවත සමීක්ෂණයක් සිදුකළ යුතු බවට පනත මගින්ම දන්වා ඇති බවය.

ඒ අනුව පළවෙනි අදියරේ සහ දෙවන අදියරේදි ලැබුණු අයදුම්පත්‍ර මේ වන විට සහතික කරමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා එය මෙම මාසය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම වැඩසටහන පසුගිය 2023 වසරේදී ආරම්භ කරන විට ප්‍රතිලාභීන්  1,773,445ක් සිටි නමුත් එය 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට 1,761,116ක් ලෙස සටහන් වී ඇති බවය.

එමෙන්ම පසුගිය 2025 වසරේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් ලෙස සටහන් වූ නමුත් මෙම වසරේ අගොස්තු මාසය වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,251,522ක් දක්වා අඩුවී ඇති බවත් මේ සඳහා කරුණු කිහිපයක් බලපා ඇති බවත් සඳහන් කළේය.

ඒ අනුව අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්‍රාන්ති යන කාණ්ඩ 4ක් යටතේ අස්වැසුම ප්‍රතිලාභය ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා පසුගිය දෙසැම්බර් මාසයේදී සංක්‍රාන්ති සඳහා කළ ගෙවීම් මෙන්ම අවදානමට ලක්වූ කොටස් සඳහා ගෙවීම් පසුගිය ජූනි මාසයේදී අවසන් වූ බවද සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙක සඳහා පමණක් අස්වැසුම ප්‍රතිලාභය ගෙවීමට රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ අතර තුර නැවත සමීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

"මේ වැඩසටහන ආරම්භ කරන්නේ 2023දී. 2023 දෙසැම්බර් වෙනකොට ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව  1,773,445යි. 2024 දෙසැම්බර් වෙනකොට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,761,116යි. 2025දී 2439,917යි. 2026 අගෝස්තු මස වෙනකොට 1,251,522යි. මේ වැඩසටහනේදී අඩු වීමට හේතුව වෙන්නේ වැඩසටහනේදීම තියෙනවා නැවත සමීක්ෂණයක්. ඒ අනුව තමයි පළවෙනි අදියරේදී සහ දෙවන අදියරේදී ලැබුණු අයදුම්පත්‍ර මේ වෙනකොට නැවත සහතික කරමින් තිබෙනවා. එය සැප්තැම්බර් මාසයේ අවසානයේදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට 90%ක ප්‍රථිපලයක් ලැබිලා තියෙනවා. කාණ්ඩ අනුව අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්‍රාන්ති කියලා කාණ්ඩ 4ක් තියෙනවා. වැඩසටහන ආරම්භ කරනකොටම තිබුණේ අන්ත දුප්පත් රුපියල් 15,000යි, දුප්පත් රුපියල් 8,500යි, අවදානමට ලක්වූ රුපියල් 5,000යි, සංක්‍රාන්ති 2,500යි වශයෙන්. අපි මේක වෙනස් කළා 2025-12-15 වැනිදා ගැසට් නිවේදනය මගින් ඒ අනුව රුපියල් 15,000 අන්ත දුප්පත් දීමනාව අපි 17,500ක් දක්වාත්, රුපියල් 8500 දීමනාව 10,000 දක්වාත්, රුපියල් 2500 දීමනාව 5000 දක්වාත් වැඩි කළා. මූලික වැඩසටහනට අනුව මේක අවසාන වෙන්න තිබුණේ සංක්‍රාන්ති එක 2024දි අවසන් වෙන්න තිබුණා නමුත් ඒක සංශෝධනය වෙලා අවසානයේදී 2025 දෙසැම්බර් ඒ කොටස අවසාන වෙලා තියෙනවා. අවදානමට ලක්වූ කොටස 2026 ජූනි අවසන් වෙලා තියෙනවා. මූලික වැඩසටහනට අනුව ඉතුරු කාණ්ඩ දෙක 2027 ජූනි වෙනකන් තියෙනවා. ඒ අතරදි තමයි නැවත සමීක්ෂණය සිදු කරලා එකතු වෙන ප්‍රමාණය බලන්න ඕනේ දැනට ලක්ෂ 12යි ගාණකට ඇවිත් තියෙනවා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana