header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඥානසාර හිමිට ලබාදුන් පොදු සමාව බලරහිත කළ නියෝගයේ - සම්පූර්ණ විස්තරය
Sep 10, 202608:23 PM
ඥානසාර හිමිට ලබාදුන් පොදු සමාව බලරහිත කළ නියෝගයේ - සම්පූර්ණ විස්තරය
Mobitel 1278

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර හයක සිර දඬුවමක් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කළේය.

ඒ , අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කීපයක් හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුකරය 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඥානාසාර හිමියන් අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධාවන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් 2018 වසරේ මැයි මස 24 වැනිදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19 ක සිර දඬුවම් නියම කළේය.

ඒ එම සිර දඬුවම වසර 06 කින් ගෙවී යන ආකාරයෙන්ය.

ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වනදා උන්වහන්සේ බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රදාන කළ සමාවක් මතය.

ඊට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් හා සෝභිත රාජකරණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇති , පිටු 58 කින් සමන්විත තීන්දුව ජනක් ද සිල්වා විනිසුරුවරයා විසින් අද ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එහිදී විනිසුරුවරයා මෙසේ සඳහන් කළේය.

"වගඋත්තරකාර ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීම හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබෙන්නේ ජනාධිපති අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් පදනම් කරගෙනයි.

වගඋත්තරකාර ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරු, දියවඩන නිලමේ සහ අන්‍යාගමික නායකයින් ද ඉල්ලීම් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සමාව ප්‍රදානය කළ යුත්තේ තමන් හමුවට ඉදිරිපත් වන තොරතුරු පදනම් කරගෙනයි. නමුත් මෙම නඩු විභාගයේදී ජනාධිපතිවරයා මෙම වගඋත්තරකරුට සමාව ප්‍රදානය කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට අසමත් වී තිබෙනවා.

එබැවින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බව අධිකරණය විසින් තීන්දු කරනු ලබනවා. ''

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකාර ඥානසාර හිමියන්ට ප්‍රදානය කළ සමාව නීතිය ඉදිරියේ බලශුන්‍ය බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම සමාව ප්‍රදානය කර තිබෙන්නේ අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත බැවින් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමට අධිකරණය අපේක්ෂා නොකරන බව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට