header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඥානසාර හිමිට ලබාදුන් පොදු සමාව බලරහිත කළ නියෝගයේ - සම්පූර්ණ විස්තරය
ඥානසාර හිමිට ලබාදුන් පොදු සමාව බලරහිත කළ නියෝගයේ - සම්පූර්ණ විස්තරය
Mobitel 1278

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර හයක සිර දඬුවමක් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කළේය.

ඒ , අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කීපයක් හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුකරය 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඥානාසාර හිමියන් අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධාවන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් 2018 වසරේ මැයි මස 24 වැනිදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19 ක සිර දඬුවම් නියම කළේය.

ඒ එම සිර දඬුවම වසර 06 කින් ගෙවී යන ආකාරයෙන්ය.

ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වනදා උන්වහන්සේ බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රදාන කළ සමාවක් මතය.

ඊට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් හා සෝභිත රාජකරණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇති , පිටු 58 කින් සමන්විත තීන්දුව ජනක් ද සිල්වා විනිසුරුවරයා විසින් අද ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එහිදී විනිසුරුවරයා මෙසේ සඳහන් කළේය.

"වගඋත්තරකාර ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීම හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබෙන්නේ ජනාධිපති අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් පදනම් කරගෙනයි.

වගඋත්තරකාර ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරු, දියවඩන නිලමේ සහ අන්‍යාගමික නායකයින් ද ඉල්ලීම් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සමාව ප්‍රදානය කළ යුත්තේ තමන් හමුවට ඉදිරිපත් වන තොරතුරු පදනම් කරගෙනයි. නමුත් මෙම නඩු විභාගයේදී ජනාධිපතිවරයා මෙම වගඋත්තරකරුට සමාව ප්‍රදානය කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට අසමත් වී තිබෙනවා.

එබැවින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බව අධිකරණය විසින් තීන්දු කරනු ලබනවා. ''

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකාර ඥානසාර හිමියන්ට ප්‍රදානය කළ සමාව නීතිය ඉදිරියේ බලශුන්‍ය බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම සමාව ප්‍රදානය කර තිබෙන්නේ අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත බැවින් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමට අධිකරණය අපේක්ෂා නොකරන බව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana