header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දළදා වහන්සේ වැඩහිඳුවීම පිණිස ස්වර්ණමය මහකරඬුවක් පූජා කිරීම ගැන කරුණු පැහැදිලි කිරීමක්
දළදා වහන්සේ වැඩහිඳුවීම පිණිස ස්වර්ණමය මහකරඬුවක් පූජා කිරීම ගැන කරුණු පැහැදිලි කිරීමක්
Mobitel 1278

මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩහිඳුවීම පිණිස අභිනවයෙන් සකස් කරන ලද ස්වර්ණමය මහකරඬුව පූජා කිරීමේ පූජෝත්සවය සම්බන්ධයෙන් සමාජය තුළ හටගෙන ඇති සාවද්‍ය තොරතුරු නිරාකරණය කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා වෙත මේ පිළිබඳ නිල දැනුම්දීමක් සිදුකර තිබේ.

පැවති රිදීමය මහකරඬුව වෙනුවට නව ස්වර්ණමය මහකරඬුවක් නිර්මාණය කිරීම, ඇතුල්කෝට්ටේ පදිංචි අයෙකුගේ පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන්, මහානායක හිමිවරුන්ගේ සහ දියවඩන නිලමේවරයාගේ අනුමැතියට යටත්ව නිර්මාණය කළ බව එහි සඳහන් වෙයි.

ජාත්‍යන්තර වශයෙන් පූජනීය වස්තූන් උදෙසා කෙරෙන උසස්ම ගෞරව දැක්වීම් සලකාබලමින්, ශ්‍රී දළදා වහන්සේ උදෙසා ද පූර්ණ රත්‍රං සහ වටිනා මැණික්වලින් සමන්විත මහකරඬුවක් පූජා කිරීම මෙහි පරමාර්ථය වී ඇත.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සහතික කරන ලද වාර්තාවලට අනුව, මෙම නව කරඬුව සඳහා රත්‍රං කිලෝග්‍රෑම් 65.224ක් සහ විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් මෙහි අන්තර්ගතය.

ඊට අමතරව පෑස්සුම් සඳහා උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් ඇතුළුව කිලෝග්‍රෑම් 86.04ක මුළු බරකින් නව ස්වර්ණමය මහකරඬුව සමන්විතය. 

මෙතෙක් පැවති සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුත් රන් ආලේපිත රිදී මහකරඬුවෙහි ඓතිහාසික අනන්‍යතාව සුරක්ෂිත වන පරිදි, එය ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින මාලිගාව අභ්‍යන්තරයේම සුරක්ෂිතව තැන්පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙම අභිනව ස්වර්ණමය කරඬුව පූජා කිරීමට අදාළ ප්‍රදාන පත්‍රය 2026.09.08 දිනැතිව දායක මහතා වෙත භාරදී ඇත.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය හා ශ්‍රද්ධා භක්තිය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පුණ්‍යකර්මය සිදුකළ බව උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා වැඩිදුරටත් සඳහන් කරති.

1853 අංක දරන ආණ්ඩුවේ ආඥා පත්‍රය ප්‍රකාරව ශ්‍රී දළදා මාලිගාවේ චිරාගත සම්ප්‍රදායානුකූල වගකීම් සහ අයිතිවාසිකම් උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලාට සහ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයාට පැවරී ඇති අතර, ඒ අනුව එම පූජෝත්සවය පවත්වා තිබේ.

ඓතිහාසික තොරතුරුවලට අනුව මීට පෙර ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි රන් ආලේපිත රිදීමය මහකරඬුව දෙවන විමලධර්මසූරිය මහ රජතුමා විසින් ඉදිකිරීම ආරම්භකර කීර්ති ශ්‍රී රාජසිංහ මහරජ සමයේදී සම්පූර්ණ කර පූජාකර ඇත්තකි.

විවිධ යුගවලදී මෙරට පාලකයන්, රාජ්‍ය නායකයන්, විදේශීය දූත පිරිස් සහ සැදැහැතියන් විසින් පූජා කරන ලද වටිනා මුතු, මැණික් හා ස්වර්ණාභරණවලින් පැරණි කරඬුව අලංකාර කර ඇත.

දළදා වහන්සේ වැඩහිදි පැරණි රන් ආලේපිත රිදී මහකරඬුව අලංකාර කිරීමට බුරුම හා සියම් දූත පිරිස් නොයෙක් අවස්ථාවන්වලදී අනුමැතිය සහිතව විවිද ආභරණ ඇතුළු පූජා වස්තූන් පූරාකර තිබේ.

ඒ පිළිබඳ සියලු තොරතුරු කොමසාරිස් පොතෙහි මෙන්ම දළදා මාලිගාවේ වට්ටෝරු (Inventory) ලේඛනවල ද නිසි පරිදි සටහන් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana