
රුසියාව තුළ ඉන්දියානු චිත්‍රපට වඩාත් ජනප්‍රිය වී ඇති බව වාර්තා වෙයි.
රුසියාවේ පැවැත්වීමට නියමිත BRICS සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති පුටින් ද ඒ බව සනාථ කර තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ BRICS සාමාජික රටවල් දෙස බැලූවිට ඉන්දියානු චිත්‍රපට වඩාත් ජනප්‍රිය බවය.
රුසියාව තුළ ඉන්දියානු චිත්‍රපට සහිත විශේෂ රූපවාහිනී නාලිකාවක් පැය 24 පුරා ප්‍රදර්ශනය කෙරෙන බවද පුටින් පවසා තිබේ.





















































