
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙක් ළඟ තිබී ජංගම දුරකථනයක් සහ සිම්පතක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.
බන්ධනාගාරයේ විශේෂ අංශයේ D කොටසේ අංක 78 සිරමැදිරියේ තිබී එම ජංගම දුරකථනය සහ සිම්පත සොයාගෙන ඇත.
එම ජංගම දුරකථනය සහ සිම්පත එච්.එම්. තුෂාර නොහොත් "කළු තුෂාර" යන රැඳවියාගේ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගත් ජංගම දුරකථනය සහ සිම්පත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.





















































