header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඊශ්‍රාලයෙන්, ලෙබනනයට ගොඩබිම් ප්‍රහාර
Oct 03, 202412:38 PM
ඊශ්‍රාලයෙන්, ලෙබනනයට ගොඩබිම් ප්‍රහාර
Mobitel 1278

ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර නැවැත්වීමෙන් පසුව ලෙබනනයට ඇතුළු වූ ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් ආරම්භයෙන් පසු පළමුවරට ගොඩබිම් ගැටුම් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම ගැටුම් අතරතුරදී ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙකු මියගොස් ඇති බවය.

මේ අතර මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ද හදිසි හමුවක් කැඳවා තිබේ.

වසරකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නව මානයකට යොමුවුණේ ලෙබනනට සහාය දැක්වීමක් වශයෙන් ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ ව්‍යාපාරික ස්ථාන ඇතුළු දේපලවලට හානි සිදුව තිබේ.

ඉරාන ප්‍රහාර නැවැත්වීමෙන් පසුව ඊශ්‍රායල හමුදා ලෙබනනය තුළට ඇතුළු වී තිබේ.

ඔවුන් ඊශ්‍රායල - ලෙබනන දේශසීමාවේ සිට මීටර 400ක් පමණ ලෙබනනය තුළට ඇතුළු වී තිබුණි.

එහිදී ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගොඩබිම් ගැටුම් ක්‍රියාත්මක වුණේ යුද ගැටුම් ආරම්භයෙන් පසු පළමුවරටයි.

ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර මෙම ගැටුම් අතරතුර දී ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

ඔවුන්ගේ මරණය පිළිබඳව ශෝකය පළකරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසා සිටියේ ඊශ්‍රායලය මේ වනවිට ඉරානයේ සහාය ලබන ත්‍රස්තයින්ට එරෙහි යුද්ධයේ උච්චතම අවස්ථාවට ළඟා වී ඇති බවයි.

ඊශ්‍රායල පාබල හමුදාව ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ඊශ්‍රායල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලද සහාය ඇතිවයි.

ඒ අනුව බීරුට් අගනුවර මධ්‍යම කලාපයට සහ ඒ ආසන්න දහියේ නගරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී තිබුණි.

ඉන් එක් ප්‍රහාරයක් ලෙබනන පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ කලාපීය ප්‍රධාන මූලස්ථානය ආසන්නයට එල්ලවූ බව සඳහන්.

ඊයේ පස්වරුවේ එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ වාසය කළ අමෙරිකානු ජාතිකයෙකු ද ඇතුළු හය දෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුව ඊශ්‍රායල - හිස්බුල්ලා ගැටුම් තීව්‍ර වූ සති දෙකක කාලය තුළ දී ලෙබනනයේ වාර්තාවන පුද්ගල මරණ ගණන දහසකට අධිකයි.

මේ අතර ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ටෙල් අවීව් නුවරින් වාර්තා වූ පිහිඇනුම සහ වෙඩි තැබීමේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම හමාස් සංවිධානයට අනුබද්ධිත අල් කසම් සංවිධානය භාරගෙන තිබේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීය.

මේ අතර සිරියාවේ ඩමස්කස් අගනුවර නේවාසික ගොඩනැගිල්ලක් වෙතද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වුණි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර ඊට ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ ඥාති පුත්‍රයෙකු අයත් බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලයේ සිරියාවේ පවතින ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇත්තේ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් ආරම්භයෙන් පසුවයි.

මේ අතර මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හදිසි හමුවක් කැඳවා තිබුණි.

ඒ ඉරාන ප්‍රහාර විවේචනය කිරීමට අපොහොසත් වීම හේතුකර ගෙන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස්ට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගත් පසුබිමකයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්ටෝනියෝ ගුටෙරස් පවසා තිබුණේ, "මෙම ගැටුම් මගින් සිවිල් ජනතාවට සිදුවන හානිය අපි අමතක නොකළ යුතුයි. ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම අපට නොසළකා හැරිය නොහැකියි. ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම වහාම නැවැත්විය යුතුයි." යනුවෙනි.

මේ අතර ඊශ්‍රායලයට හෝ අමෙරිකාවට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අමෙරිකාවත් එහිදී ඉරානයට අනතුරු ඇඟවිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට