රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා - ජනපති
August 25, 2024 08:20 pm
ජනතාව විපක්ෂයේ ප්රකාශ විශ්වාස කළහොත් ශ්රී ලංකාවට ද ග්රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට අද (25) එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනි.
ඊට සමගාමීව පූර්ණ ප්රතිසංස්කරණයට ලක් කෙරුණු පක්ෂ මූලස්ථානය පාක්ෂිකයින් සතු කිරීම සහ ඩිජිටල් පක්ෂ යාන්ත්රණය එළිදැක්වීම ජනපතිවරයා විසින් පළමුව සිදුකරනු ලැබීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා,
"මතක තියා ගන්න... අපි රෑ වැටුණු වළේ දවල් වැටෙන්න ඕනෙද ?. ආපහු පසුගිය අවුරුදු 2ට යන්න කැමති ද ?"