එංගලන්ත ලයන්ස් පුහුණු තරගය ජය ගනී

එංගලන්ත ලයන්ස් පුහුණු තරගය ජය ගනී

August 17, 2024   05:15 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පුහුණු තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්විය.

ඒ තරගයේ ජයග්‍රාහණය සඳහා ඔවුන්ට හිමිවු ලකුණු 122ක ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී පසුකරයාමට සමත් වීමත් සමගය.

තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 139ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 324ක් ලබා ගත්තේය.

දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් ලබා ගත් අතර ඒ අනුව එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හිමිවී තිබුණි.