ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

July 24, 2024   05:08 pm

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි,  JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි.