හොල්මන් මන්දිරයේ පවුල් ආරවුලක්

හොල්මන් මන්දිරයේ පවුල් ආරවුලක්

June 24, 2024   10:30 pm

සිය අනියම් පෙම්වතා සමග නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් සිටියදී එහි මිනීපෙට්ටියේ මෘතදේහය ලෙස සිටි විවාහක සැමියා ඇයව හඳුනාගැනීමෙන් එම ස්ථානයේ ගැටුමක් ඇතිවී තිබේ.

එම අවස්ථාවේදී සැමියා විසින් අදාළ 21 හැවිරිදි බිරිඳට පහරදීමට තැත්කර ඇති අරත එහිදී ඇතිවූ ගැටුමේදී පුද්ගලයන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය අද (24) නියෝග කර තිබුණි.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර වයසේ පසුවූ පිරිසකි.

අදාළ විවාහක යුවළ කලක සිට වෙන්ව ජීවත්වී ඇති අතර නීත්‍යානුකූලව වෙන්වී නොමැති බවත් හෙළිවී තිබේ.

එමෙන්ම පහර දීමට සම්බන්ධ දෙපාර්ශ්වයේම පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.