ක්‍රීඩා ඇමති නව රෙගුලාසියකට අත්සන් තබයි

ක්‍රීඩා ඇමති නව රෙගුලාසියකට අත්සන් තබයි

May 3, 2024   01:26 pm

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද (03) ඊට අදාළ රෙගුලාසියකට අත්සන් තැබූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පැවසීය.

මෙරට ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.