බලය පෙන්වීමට ජපානය සහ අමෙරිකාව සැරසෙයි
සයුරෙන් එතෙර

බලය පෙන්වීමට ජපානය සහ අමෙරිකාව සැරසෙයි

April 11, 2024   03:51 pm

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරත වී සිටී.

ඊට සමගාමීව ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී හමුදා සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇතැයි සඳහන් ය.

එමෙන්ම ඉන්දු පැසිෆික් සාගර කලාපයේ චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් අමෙරිකානු ජපාන නායකයින් ප්‍රමුඛ අවධානයක් යොමුකර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ ක්‍රියාකලාපය මධ්‍යයේ ඉන්දු-පැසිෆික් කලාපයේ අත්‍යවශ්‍ය හවුල්කාරිත්වය ශක්තිමත් කරන බව හා  කැපවීම තවදුරටත් තීව්‍ර කිරීමට දෙපාර්ශ්වයේ නායකයින් එකඟ වූ බවය.