තවත් සැකකටයුතු කාන්තා මරණයක්

තවත් සැකකටයුතු කාන්තා මරණයක්

May 8, 2024   10:00 am

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ, කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

මේ පිළිබඳව ඌරගස්මංහන්දිය පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් වූ කාන්තාවකි.

මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී ඇති අතර, දින කිහිපයකට පෙර මියගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.

මෙම කාන්තාව පමණක් නිවසේ සිට ඇති අතර, ඇගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේත

මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.