බංග්ලාදේශ අගමැතිනිය ඉන්දියාවට යයි ද ?
සයුරෙන් එතෙර

බංග්ලාදේශ අගමැතිනිය ඉන්දියාවට යයි ද ?

April 7, 2024   03:09 pm

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පවසන්නේ ඉකුත්දා පැවැති මහ මැතිවරණයෙන් යළිත් බංග්ලාදේශයේ බලයට පත්වූ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීමට සූදානමින් පසුවන බවය.

ඒ අනුව ඇය මෙම වසර මැද භාගයේ ඉන්දියාවට පැමිණෙනු ඇති බවට වාර්තා පළවෙයි. 

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ඉන්දීය මහ මැතිවරණයෙන් අනතුරුව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ඉන්දීය සංචාරය සිදුවනු ඇති බවය.

ඉන්දියාව සහ බංග්ලාදේශය සමීප මිතුරු රාජ්‍යයන් වන අතර ඔවුන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සමීප සබඳතා පවත්වනු ලබයි.