පාකිස්තානයෙන් අවාසනාවන්ත සිද්ධියක්
සයුරෙන් එතෙර

පාකිස්තානයෙන් අවාසනාවන්ත සිද්ධියක්

April 4, 2024   05:41 pm

ජංගම දුරකථනයක් නොලැබීම හේතුවෙන් දරුවෙකු සියදිවි නසාගැනීමේ පුවතක් පාකිස්තානයෙන් වාර්තා වෙයි.

එලෙස මිය ගොස් ඇත්තේ 12 හැවිරිදි පිරිමි දරුවෙකි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහුගේ මව ඔහුට ජංගම දුරකථනයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ දරුවා සියදිවි හානි  කරගෙන ඇති බවය.

මව අසල්වැසි නිවසකට ගිය අවස්ථාවකදී දරුවා නිවසේ ගෙල වැලලාගෙන සිටින අයුරු දැක තිබේ.

මේ අතර ලාහෝරයෙන් ඉකුත්දා තවත් සියදිවි හානි කරගැනීමේ සිදුවීමක් වාර්තා වී තිබුණි.

එලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 33 හැවිරිදි වෛද්‍යවරියකි.

මව සමග ඇතිවූ ආරවුලකින් අනතුරුව ඇය එලෙස සියදිවි හානි කරගෙන ඇතැයි සඳහන් වුණි.