
ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්වී සිටි වෙනිසියුලානු ජාතික හුවාන් විසෙන්ටේ මියගොස් තිබේ.
වයස අවුරුදු 114ක් සම්පූර්ණ වී සිටියදී ඊයේ දිනයේ ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වන හුවාන් හට මුනුබුරු, මිනිබිරියන් 41 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
2022 වසරේ පෙබරවාරි 04 වන දින ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම මිනිසා ලෙස ඔහු නම් කෙරුණි.



















































