චීන්නුන්ට පාකිස්තානයේදී ආරක්ෂාව 
සයුරෙන් එතෙර

චීන්නුන්ට පාකිස්තානයේදී ආරක්ෂාව 

April 2, 2024   08:07 pm

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එරට ක්‍රියාත්මක ව්‍යාපෘති හා සම්බන්ධ වී සිටින චීන ඉංජිනේරුවන් පිරිසක් හමුවී තිබේ.

ඒ. එම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධවී සිටින ඉංජිනේරුවන් පිරිසක් ඉලක්ක කර ඉකුත්දා එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුවය.

එම සංචාරය සඳහා පාකිස්තානයේ චීන තානාපතිවරයා ද එක්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම සංචාරයේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ එරට ව්‍යාපෘතිවල නිරතවී සිටින චීන ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු පියවර ගන්නා ලෙසය.

ඉකුත් දා චීන ඉංජිනේරුවන් පිරිසක් රැගත් බස් රථයක් ත්‍රස්ත ප්‍රහාරයකට ඉලක්කවීම හමුවේ පාකිස්තානයට චීනයෙන් දැඩි පීඩනයක් එල්ලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් චීන ඉංජිනේරුවන් 05 දෙනෙකු මියගොස් තිබුණි.