යුක්‍රේනය සහ ඉන්දියාව අතර සාකච්ඡා
සයුරෙන් එතෙර

යුක්‍රේනය සහ ඉන්දියාව අතර සාකච්ඡා

March 30, 2024   01:47 pm

රුසියානු යුක්‍රේන යුද්ධය සහ ඒ සඳහා සාමකාමී විසඳුමකට එළඹීමේ උත්සාහයන් ඇතුළු කලාපීය හා ගෝලීය කරුණු රැසක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා පවත්වා තිබේ.

ඒ යුක්‍රේන විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරය.

ඉකුත් 28 වනදා ඉන්දියාවට පැමිණි ඔහු ඊයේ (29) දක්වා ඉන්දියාවේ රැඳී සිට තිබේ.

එහිදී යුක්‍රේන විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පවත්වා ඇත.

එහිදී වැඩි අවධානයක් යොමුව තිබුණේ දෙරටේ ද්විපාර්ශවීය සබඳතා වර්ධනය පිළිබඳවයි.