යුක්‍රේන ජනපති ඝාතන සැලසුමක් හෙළිවෙයි‍

යුක්‍රේන ජනපති ඝාතන සැලසුමක් හෙළිවෙයි‍

May 8, 2024   12:01 pm

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමට රුසියාව උත්සාහ කර ඇතැයි යුක්‍රේන ආරක්ෂක සේවාව චෝදනා කරයි.

අදාළ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට යුක්‍රේන රජය ආරක්ෂාකිරීමේ ඒකකයේ අණදෙන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්ය.

ඔවුන් චෝදනා කරන්නේ එම පුද්ගලයින් රුසියාවේ චර පුරුෂයින් ලෙස කටයුතු කර ඇති බවය.

එම පුද්ගලයින් සෙලෙන්ස්කිගේ ආරක්ෂකයින් අතරින් ඔහු ඝාතනය කිරීමට කැමති අයෙක් සොයා රහසිගත මෙහෙයුමක් කර ඇතැයි ද අනාවරණ කර තිබේ.