සයුරෙන් එතෙර
ඉන්දියාව සහ චීනය අතර සාකච්ඡාවක්
March 28, 2024 09:56 am
ඉන්දිය - චීන දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා වූ ක්‍රියාකාරී යාන්ත්‍රණයේ 29 වන හමුව ඊයේ පවත්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, චීනයේ බෙයිජිං නුවරදීය.
දෙපාර්ශ්වය නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් එම සාකච්ඡා සඳහා සහභාගි වී ඇත.
නිල වාර්තාවලට අනුව ඉන්දීය දූත පිරිසට නායකත්වය ලබාදී ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ සම ලේකම්වරයාය.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශසීමා සහ සාගර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා චීන නියෝජිත පිරිසට නායකත්වය ලබාදී තිබේ.