CEB වෘත්තීය සමිති නායකයින්ට අධිකරණ නියෝගයක්
January 5, 2024 01:04 pm
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ රන්ජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගෝල්ෆේස් ග්‍රීන් පරිශ්‍රයට ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බවය.
විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ විරෝධතාව අද (05) තුන්වන දිනටත් පැවැත් වෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට එම විරෝධතාව පැවැත් වෙයි.
කොම්පඤ්ඤ විදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණය ඉදිරියේදී දක්වන ලද කරුණු
සලකාබැලීමේ පසුව අද දින අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයේ මෙසේ දැක්වෙයි.
ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමය විසින්,
1 රන්ජන් ජයලාල්
2 එච්. එම්. කසුන් බොතේජු
3 මාලක වික්‍රමසිංහ
4 අජිත් දේවප්‍රිය
- ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්,
- ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්,
- ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති,
- ලංකා විදුලි ජාතික සේවක සංගමයේ සමුළු ලේකම්,
ඉහත අයවලුන් හා ඔවුන්ගේ සාමාජිකයන් හා සහාභාගි වන වෙනත් තැනැත්තන් වෙත,
ඉහත නුඹලා විසින් හෝ නුඹලා විසින් මෙහෙයවනු ලබන නුඹලා සමග එක්වී ක්‍රියා කරන පුද්ගලයන් ඇතුළත් කණ්ඩායමක් විසින් ඒකරාශි කරගනිමින්,
චිත්තම්පලම් මාර්ගය අවහිර කරමින් සෙරමික් හංදිය දෙසට ගමන් කිරිම හා ඒ ඔස්සේ ගොස් මුදල් අමාත්‍යංශයට, මහ බැංකුවට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා ජනාධිපති මන්දිරයට ඇතුළුවීම වළක්වාලමින් එකී ආයතන සඳහා ප්‍රවේශ මාර්ග අවහිර නොකරන ලෙසටත් මහජනයා ප්‍රකෝප වියහැකි ප්‍රචණ්ඩකාරී සිදුවිම් සිදු නොකරන ලෙසටත් ආඥාවක් නිකුත් කර සිටිමි.
අදාළ නියෝග සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පොලීසියට හැකියාවක් තිබෙන බවට සඳහන් කරමි.