බහාලුම් අර්බුදය විසඳන්න වානිජ මණ්ඩල හා සංගම් 29කින් එකාබද්ධ යෝජනා මාලාවක්

බහාලුම් අර්බුදය විසඳන්න වානිජ මණ්ඩල හා සංගම් 29කින් එකාබද්ධ යෝජනා මාලාවක්

January 30, 2025   06:46 pm

කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයට දැනුම් දී ඇත.

කෙසේ නමුත් මෙම ඒකාබද්ධ නිවේදනය හරහා මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔවුන් ඉදිරිපත්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ කෙටිකාලීනව ගත යුතු පියවර ඉදිරි සතිදෙක ඇතුළත හා මධ්‍ය කාලීනව ගත යුතු පියවර ඉදිරි සති 3-6 කාලය ඇතුළත ගන්නා ලෙස සඳහන් කර ඇත.

කෙටිකාලීන යෝජනා 

1. ප්‍රමාද වූ කාර්යයන් විසඳීම සඳහා ස්කෑන් කිරීමේ සහ පිරික්සුම් පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කිරීම

2. Green Channel පුළුල් කිරීම සඳහා ආනයනකරුවන් පිළිබඳ පවතින දත්ත උපයෝගී කර ගැනීම.

3. බලයලත් ආර්ථික ක්‍රියාකරුවන් (AEO) සහ රේගු ආර්ථික ක්‍රියාකරුවන් (CEO) සඳහා කඩිනම් අනුමැතිය ලබා දීම.

4. අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් පුළුල් කිරීම.

5. කඩිනම් නිෂ්කාශන කමිටුව නැවත කැඳවීම.

6. යම් කාලයක් සඳහා හෝ රේගු කාලය වැඩිකිරීම හෝ කාර්ය මණ්ඩලය ඉහළ දැමීම.

 

බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම වෙනුවෙන් ඒකාබද්ධ නිවේදනය කළ වානිජ මණ්ඩල හා සංගම් 29

1.    The Ceylon Chamber of Commerce (CCC)

2.    American Chamber of Commerce in Sri Lanka (AMCHAM)

3.    Association of Clearing & Forwarding Agents (ACFA)

4.    Association of Container Transporters’ (ACT)

5.    Association of Inland Container Depot Operators (ACDO)

6.    Association of NVOCC Agents (SLANA)

7.    Ceylon Association of Shipping Agents (CASA)

8.    Ceylon Freight and Logistics Association (CEYFFA)

9.    Ceylon National Chamber of Industries (CNCI)

10.    CHA Traders Association

11.    Chamber of Construction Industry of Sri Lanka (CCI)

12.    Chamber of Young Lankan Entrepreneurs (COYLE)

13.    Container Transport Owners’ Association (CTOA)

14.    Customs House Agents and Wharf Assistants Association (CHAWAA)

15.    Essential Food Commodities Importers & Traders Association (EFCITA)

16.    Exporters Association of Sri Lanka (EASL)

17.    Federation of Chambers of Commerce and Industry of Sri Lanka (FCCISL)

18.    Imports Section of the Ceylon Chamber of Commerce

19.    International Chamber of Commerce Sri Lanka (ICCSL)

20.    Joint Apparel Association Forum Sri Lanka (JAAF)

21.    National Chamber of Exporters (NCE)

22.    Sri Lanka Apparel Exporters’ Association (SLEA)

23.    Sri Lanka Logistics & Freight Forwarders’ Association (SLFFA)

24.    Sri Lanka Logistics Providers’ Association (SLPA)

25.    Sri Lanka Shippers’ Council

26.    Sugar Importers Association

27.    The European Chamber of Commerce of Sri Lanka (ECCSL)

28.    The National Chamber of Commerce of Sri Lanka (NCCSL)

29.    Women's Chamber of Industry and Commerce (WCIC)