ජපානයේ තීරණයෙන් කලාපය කැලඹෙයි
සයුරෙන් එතෙර

ජපානයේ තීරණයෙන් කලාපය කැලඹෙයි

December 24, 2023   11:07 am

චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දැමීමෙන් පසු ජපානය ද සිය ආරක්ෂක වියදම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ජපානයේ කැබිනට් මණ්ඩලය ඊට අදාළ යෝජනාවක් අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ජාත්‍යන්තර විචාරකයන් පවසන පරිදි චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දැමීම ජපානයේ එම තීරණයට දැඩිව බලපා ඇති බව පැවසෙයි.

එමෙන්ම ජපානය සිය ආයුධ සීමාවන් ලිහිල් කර ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණ කර ඇත.

ඒ අනුව අමෙරිකාවට Patriot-missile නැව්ගත කිරීමට ජපානයට හැකි වනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.