වසර 40ක් පැරණි වාර්තාවක් කමිඳු අලුත් කරයි
June 20, 2025 06:51 pm
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ඔවුන් මේ වනවිට ලකුණු 187ක් ඉදිරියෙන් සිටියි.
අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා සිටියේය.
කෙසේ වෙතත් මුලු ලකුණු 485ක් වද්දී ශ්‍රී ලංකා ඉනිම නතර කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකිවිය.
ඉන් අවසන් කඩුලු 4 ලකුණු 15ක් බිඳ වැටීම විශේෂත්වයක්ය.
මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් කිරීමට සමත් විය.
ඔහුගේ මෙම අර්ධ ශතක ඉනිම වාර්තා අතරට එක්වූයේ, අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසය.
කමිඳු ඉනිම් 22කදී මෙම වාර්තාව පිහිටු වූ අතර, ඔහු බිඳ දමනු ලැබුවේ රෝයි ඩයස් මීට වසර 40කට පමණ පෙර ඉනිම් 23කදී පිහිටුවා තිබූ වාර්තාවය.
බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් විය.
හෙට තරගයේ අවසන් දිනයයි.