2030 වසර වනවිට ලොව 4වන විශාලම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා

2030 වසර වනවිට ලොව 4වන විශාලම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා

June 20, 2025   07:56 pm

2030 වසර වනවිට ලොව 4 වන විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා බවට ඉන්දියාව පත්වීමට නියමිත බව වාර්තා වේ.

ගෝලීය ආර්ථික හා ප්‍රතිපත්ති ගැටළු පිළිබඳ ස්වාධීන පර්යේෂණ සහ විශ්ලේෂණ සිදුකරන බුද්ධි මණ්ඩපයක් වන Rhodium සමූහය විසින් මේ බව අනාවරණය කර ඇත.

එම සමූහය පෙන්වා දෙන්නේ, ඉදිරි වසර පහ තුළ ඉන්දියාවේ විදුලි මෝටර් රථ සඳහා එරට ඉල්ලුම ඒකක මිලියන 1.1ත් 2.1ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවය.

මේ හේතුවෙන් ඉන්දීය විදුලි මෝටර් රථ නිෂ්පාදන ධාරිතාව 2030 වසර වනවිට ඒකක මිලියන 2.5ක් දක්වා දස ගුණයකින් වැඩි වනු ඇතැයි අදාළ විශ්ලේෂක සමූහය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලොව විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා චීනය වන අතර, ඔවුන්ට පසුපසින් යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය සිටියි.

කෙසේ වෙතත් ඉන්දියාවට චීනය සමග තරගකර අපනයන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට නම්, නිෂ්පාදනය පිරිවැය අඩුකරගැනීමට සිදුවනු ඇති බවද අදාළ විශ්ලේෂක වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.