බිත්තර ආනයනය ගැන දැනුම්දීමක්

බිත්තර ආනයනය ගැන දැනුම්දීමක්

December 16, 2023   07:22 am

2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.

ඊයේ (15) පස්වරුවේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට පාරිභෝගිකයාට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන
බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ වෙළෙඳපොළේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම තීරණයට එළැඹුණ බවයි.

දේශීය බිත්තර නිෂ්පාදකයන් මෙලෙස අඛණ්ඩව අසීමිතව බිත්තර මිල ඉහළ දැමීම කළහොත් රජයෙන් ලැබෙන පිළිතුරේ කිසිදු වෙනසක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ආනයනය කර ඇති බිත්තර නත්තල් සමය සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවය.

එමෙන්ම ඉදිරියේ දී තවත් භාණ්ඩ කිහිපයක මිල පහළ යනු ඇති බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර, වෙළෙඳපළේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව විෂයභාර අමාත්‍යවරයාට ලබන සඳුදා භාරදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ බිත්තර මිල අඛණ්ඩව ඉහළ ගියහොත් ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවය.