බන්ධනාගාරගත කළ 350කට නිදහස

බන්ධනාගාරගත කළ 350කට නිදහස

September 11, 2024   03:52 pm

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350ක් පමණ හෙට (12) දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

හෙට දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් මෙම නිදහස හිමිවෙනු ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවය.