සෙනඟ දිහා බලලා රැල්ල කොහෙටද කියලා තීරණ කරන්න එපා -දිලිත්

සෙනඟ දිහා බලලා රැල්ල කොහෙටද කියලා තීරණ කරන්න එපා -දිලිත්

September 11, 2024   01:53 pm

කෘතීමව නිර්මාණය කර ඇති දේශපාලන රැලි දෙස බලා අවසන් තීරණය නොගන්නැයි සර්ජවජන ජනාධිපති ධූර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සර්වජන බලයේ ආසන සංවිධායකවරු කිහිපදෙනෙකු වෙත පත්විම් ලිපි ප්‍රදානය කිරීම අද (11) පෙරවරුවේ ව්‍යවසායක දිලිත් මහතා අතින් සිදුකෙරුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්ජවජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"මහත් බලාපොරොත්තු තබාගෙන තිබුණු වෙනස් සඳහා ශ්‍රී ලංකාව ප්‍රාර්ථනය කර තිබූ ජනාධිපතිවරණයේ අවසාන අදියරයට ඇවිල්ලා තියෙනවා. අපි උත්සහා කළා මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්දුන් පරිදි අපේ වියදම පාලනය කරමින් කොහොමද මේ සංනිවේදනය කාර්යක්ෂම කරන්නේ කියලා උත්සහා කරන්න. ඒ නිසා අපි අර සාම්ප්‍රදායික බස් මැනේජර් දාලා සෙනඟ ඇදලා ඩ්‍රෝන කැමරා දාලා කළේ නැහැ. අද යම්කිසි කෙනෙක් හිතනවානම් ඔය රැස්වීම්වලට සෙනඟ ආවේ ඡන්දේ දෙන අය කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදී. මොකද ඔය කණ්ඩායමක් හැටියට පොඩි ව්‍යවසායක් ඇති කරගෙන තිබෙනවා රට වටේ රැස්වීම්වලට යන්න. ඒ නිසා මම යෝජනා කරනවා ජනතාවට මේ සෙනඟ දිහා බලලා තීරණය කරන්න එපා රැල්ල කොහෙටද තියෙන්නේ කියලා. අවසන් සමීක්ෂණ වාර්තා ලැබෙමින් පවතිනවා. ජනතාව අර පෙට්ටිය ඇතුළට ගිහිල්ලා තමන්ගේ හදවත සහ බුද්ධිය පාවිච්චිකරලා කතිරය ගහන්නට තීරණ කරන ස්වභාවයක් අපට පෙනී යන්නේ."