පාර්ලිමේන්තුවේදී සජිත් සැර වෙයි
November 21, 2023 11:56 am
තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී එයට එල්ලවූ විරෝධයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය විරෝධය පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
"ගරු කථානායක තුමා එකක් මම කියන්න කැමතියි. මගේ ප්‍රශ්නය අතරතුර ඔබතුමා ඉඩදුන්නා එක එක්කෙනාට පොයින්ට් ඔෆ් ඕඩර්ස් ඉදිරිපත් කරලා මගේ ප්‍රශ්නයට බාධා කරන්න. මම එකක් කියන්න කැමතියි. කරුණාකරලා මයික් එක ඕෆ් කරන්නත් එපා ස්ක්‍රීන් එක ඕෆ් කරන්නත් එපා. මම ඔබතුමාට කියන්න කැමතියි. මේ හැමකෙනාටම කියන්න කැමතියි මේ එකෙකුටවත් මම බය නෑ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූන දෙන්නම්. එකෙකුටවත් බය නෑ. පුළුවන් නම් එනවා. මුන් නරි ටිකක් ඉන්නේ. මුන් හිවල්ලු ටිකක් ඉන්නේ. "