ආරක්ෂක ලේකම් සහ පාකිස්ථාන නාවික හමුදාපති අතර හමුවක්

ආරක්ෂක ලේකම් සහ පාකිස්ථාන නාවික හමුදාපති අතර හමුවක්

May 2, 2025   05:30 pm

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් නවීඩ් අෂ්රඨෆ්  අතර හමුවක් සිදුව තිබේ.

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන ආරක්ෂක සංවාදයකට සමගාමීව මෙම හමුව සිදුව ඇත.

ආරක්ෂක ලේකම්වරයා සමග මෙම ආරක්ෂක සංවාදයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) ජයන්ත එදිරිසිංහ මහතා, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීරද එක්ව සිටියි.