ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 03ක්

ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 03ක්

October 25, 2023   04:56 pm

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී තවත් රිදී පදක්කමක් මව්බිමට දිනා දීමට ජනනි ධනංජනා සමත්වූවාය.

ඒ, කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වෙනි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කුමුදු දිසානායක විසින් දිනා ගත්තාය.

මේ අතර පිරිමි යගුලිය විසිකිරීමේ (F63) ඉසව්වෙන් පාලිත බණ්ඩාර ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.