දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර

දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර

December 4, 2024   05:39 pm

ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 'A' කාණ්ඩයේ සියලු තරග අද (04) අවසන් වූ අතර, ඒ සමග අවසන් පූර්ව වටයේ දී තරගවදින කණ්ඩායම් තේරී පත්විය.

මෙම තරගාවලියේ මූලික වටයේ 'B'කාණ්ඩයෙන් තරගකළ ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් පූර්ව වටයට පිවිසියේය.

ඒ අනුව ඔවුන් 'A' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව එහි දෙවැනි ස්ථානය හිමිකරගත් ඉන්දියාව සමගින් දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

එම තරගය දෙසැම්බර් 6වනදා සාජාහිදී පැවැත්වේ.

ඉන්දීය කණ්ඩායම මූලික වටයේදී පාකිස්තානයට පමණක් පරාජය විය.

ඒ අනුව ඔවුන් අද පැවති තීරණාත්මක තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පහසුවෙන් පරාජය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරගාවලියේ පසුගියවර අනුශූරතාව දිනාගැනීමට සමත් විය.

මේ අතර මෙහි පළමු අවසන් පූර්ව තරගයද එදිනම 'B'කාණ්ඩයේ දෙවනි ස්ථානය දිනාගත් බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වේ.

බංග්ලාදේශය මෙහි වත්මන් ශූරයන් වන අතර, ඔවුන් අවසන්වරට 2023 වසරේ පැවැති අදියර ජයගත්තේය.

එමෙන්ම 2017 වසරේදී ආසියානු ශූරයන් ලෙස ඇෆ්ගනිස්තානය කිරුළු පැළඳීම හැරෙන්න තරග ඉතිහාසයේ අනෙක් සෑම අවස්ථාවකදීම (අවස්ථා 7) ශූරතාව දිනාගැනීමට සමත්ව ඇත්තේ ඉන්දියාවයි.

ශ්‍රී ලංකාව අවස්ථා 5කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇතත්, ඒ සෑම අවස්ථාවකම අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය.

පාකිස්තානය ද අවස්ථා 2කදී අනුශූරයන් වී තිබේ.