යතුරුපැදියක් ගිනිගනී
October 21, 2023 04:56 pm
කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී යතුරුපැදියක් සම්පූර්ණම ගිනිගෙන විනාශවී තිබේ.
තරුණයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් එසේ ගිනිගෙන තිබුණේ අද (21) සවස 2.30 පමණය.
එය දුටු අසල සිටි රථවාහන පොලීසියේ නිලධාරීන් යතුරුපැදිය ගිනිගැනීමට ලක්වන බව දැක කොළඹ මහනගර සභාවේ ගිනිනිවීම් ඒකකයට දැනුම්දී තිබුණි.
අනතුරුව ගිනිනිවීමේ රථ දෙකක් එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනවිටත් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී තිබූ බව අප වාර්තාකරු පැවසීය.
යතුරුපැදිය කාර්මික දෝෂයට ලක්වී ඇති අතර එම අවස්ථාවේදී ගිනිගැනීමට ලක්වූ බව එහි ගමන්ගත් තරුණයන් දෙදෙනා පැවසීය.
මේ අතර පොතුවිල් කුරිඤඤංඕඩේ ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොතුවිල් සිට අක්කරෛපත්තුව බලා ධාවන වු යතුරුපැදියක් තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ 51 හැවිරිදි සහ 77 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
