ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර එල්ල කරනවා  - ට්‍රම්ප් 
සයුරෙන් එතෙර

ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර එල්ල කරනවා  - ට්‍රම්ප් 

March 6, 2026   06:56 am

ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර සෑම පැයකට වරක් අමෙරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඉරානයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ, සිය රට මේ වනවිට යුද්ධයේ ඊළඟ අදියර වෙත ගමන් කරමින් සිටින බවය.