header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
අම්මා නම් සඳවතක හදවත සහ ආසු
Oct 21, 202301:27 PM
අම්මා නම් සඳවතක හදවත සහ ආසු
Mobitel 1278

දියෙහි ගිලෙන තම පැටවා බේරා ගැනීම සඳහා මහා සාගරයේ ජලය වලිගයෙන් හිස් කිරීමට උත්සාහ කළ ලේනියක ගැන අපි අසා ඇත්තෙමු. ඒ බෞද්ධ සාහිත්‍යයේ පැනෙන කතා වස්තුවකිනි. මාතෘත්වයේ පරමාදර්ශය නම් මහාමායා නම් ඈය. මහාමායාව සමඟ බැඳි ලාංකේය මාතෘ සංකල්පය වසර 2,500ක් පමණ පැරණි එකකි. මහාමායාවියන් ගේ මව් සෙනෙහස යනු, කිසි දා කිසි විටෙක පහ ව නො යන්නා වූ සනාතන සහ උතුම් ධර්මතාවකි. 'මහමායාවෙනි, කවදා දෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ' යනුවෙන් දිවුල්ගනේ සූරින් ගැයුවේ එයයි. දෙවැනි බුදුන් ලෙස ලෝකයේ ම උවම් ලද අම්මා පිළිබඳ සුනිල් එදිරිසිංහයන් ද ගැයුවේ ඒ හෙයිනි. රජකම, කිරුළ, ගරු පදවි නාම පවා බිම දමා ඒ කිසිවකටත් වඩා ඉදිකඩ ළඟ සිටින අම්මා ශ්‍රේෂ්ඨ බව කපුගේ සූරින් ගොරෝසු හඬින් පැවසුවේ ඒ හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ පමණක් නොව, පෙරදිග සමාජ දේහයෙහි බොහෝ තැන්වල අම්මා නමැති මනුෂ්‍ය වස්තුවට ලැබෙන්නේ, ඉමහත් ගෞරවයකි. අප විසින් අප ගේ රට මව්බිම, මාතෘ භූමිය, ලක් මෑණිය ලෙස හඳුන්වන්නේ, ඒ නිසා ය. සියල්ල නිර්මාණය කරන්නේ, අම්මා ගේ කිරි සහ හිරු ගේ රැස් බව මක්සිම් ගෝර්කි පවසා ඇත. ඉදින් එය මොන තරම් නම් නිවැරැදි ද යන්න සාධනය කිරීම සඳහා විශේෂයෙන් සංවාද ඇති කළ යුතු නැත. දේශජ සමාජයේ ශ්‍රේෂ්ඨතම සංකල්පය නම්, අම්මා ම ය.

'ආසු' සමඟින් සංජීව පවසන අම්මා

ඉගිලෙන මාළුවෝ සහ දැවෙන විහඟුන් නිර්මාණය කළ සංජීව පුෂ්පකුමාර සිය තෙවැනි සිනමා නිර්මාණය ලෙස ආසු සිනමාපටය ජනගත කර තිබේ. ආසු සිනමාපටයේ වස්තු විෂය සහ ඊට පදනම් වූ සත්‍ය කතාව හේතුවෙන් ඒ පිළිබඳ මේ වන විට බරපතළ ප්‍රේක්ෂාමය කතාබහක් ගොඩනැඟී ඇත. ඔක්තෝබර් 11 වැනි දා සිට එය PVR ඇතුළු සිනමා ශාලා ගණනාවක තිරගත වීම ඇරඹිණි. මහාචාර්‍ය මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු සම්භාවනීයයන් ගේ සහභාගීත්වයෙන් ආසු 11 වැනි දා සිට ජනතාව අතට පැවරිණි.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ගේ දියණිය වූ ඉන්දිරා ජයසූරිය ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් නිර්මිත වූ ආසු සිනමාපටය පිළිබඳ පාඨක හා විචාර අවධානය ප්‍රබල ව යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ. සිය කුසෙහි වැඩෙන දරුවාට යම් හානියක් වේ යැයි සිතා තමන් ගොදුරු වී සිටින පියයුරු පිළිකා රෝගයට ප්‍රතිකාර නොගෙන ම ජීවිතයෙන් සමු ගත් ඉන්දිරා ජයසූරිය ගේ සත්‍ය කතාව මෙම සිනමා කෘතියට පාදක වී ඇත. මෙය පවුලේ සැමට නැරඹිය හැකි සිනමා නිර්මාණයකි.

ආසු සිනමාපටයේ සංවිචාරක කාර්‍යභාරය විචාරකයාට ම පවරමින්, ආසු නැරඹිය යුත්තේ ඇයි ද යන පැනයට අවැසි කරුණු කිහිපයක් ගොනු කිරීමට අපි සිතුවෙමු.

ආසු සිනමාපටයේ ප්‍රධාන චරිතය එනම්, ඉන්දිරා ජයසූරිය ගේ චරිතයට පණ පොවන්නේ, රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියයි. ඇය ගේ ස්වාමියා ගේ චරිතය ශ්‍යාම් ප්‍රනාන්දු විසින් රඟ දක්වයි. මීට අමතර ව චාන්දනී සෙනෙවිරත්න, සෝමරත්න දිසානායක, ඩිනාරා පුංචිහේවා යන නළු නිළියන් ද ආසු සඳහා රංගන දායකත්වය ලබා දී ඇත. සංජීව පුෂ්පකුමාර ගේ නිෂ්පාදනයෙන් හා අමිල අබේසුන්දර ගේ සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ආසුහි තිර රචනය සිදු කර ඇත්තේ, සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී ගොඩගම විසිනි.

2021 වර්ෂයේ දී ටෝකියෝ සිනමා උලෙළ, ආසියානු තරග අංශය නියෝජනය කළ ආසු චිත්‍රපටය, අතිශය සංවේදී සිදුවීමක තතු කියා පාන නිර්මාණයක් බවට බොහෝ දෙනා පවසති. විනාඩි 97ක දර්ශන කාලයක් සහිත එය, පවුලේ සැමට නැරඹිය හැකි නිර්මාණයක් ද වේ. මෙහි ඇති තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, ඉන්දිරා ජයසූරිය ගේ චරිතය රඟ දක්වන උදාරි වර්ණකුලසූරිය ගේ වේෂ නිරූපණයයි. පැය 10ක් වැය වූ උදාරි වර්ණකුලසූරිය ගේ වේෂ නිරූපනය වනාහි, ලාංකේය සිනමාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වේෂ නිරූපණයන් ගෙන් එකක් බව පැවසේ.

මාතෘත්වය වන්දනීයත්වයට පාත්‍ර වී ඇති ලාංකේය පරිසරය තුළ, ලාංකිකයෙකු ලෙස ඔබ ආසු නැරඹිය යුත්තේ, මේ හේතුව නිසාවෙනි. බෞද්ධ සාහිත්‍යය හා ජාතක කතා කලාව සම්ප්‍රවේශ කරගත් ආසු තුළ ඇත්තේ, මාතෘත්වය නම් සංවාදය, සම්භාව්‍ය සිනමාමය හැඩතලවලින් වියුක්ත කර නූතනවාදී සිනමා ඇසකින් කළ ගොඩ නැඟීමකි. එබදු සංදර්භ ද්විත්වයක් යා කරන ඒ දණ්ඩ සඳහා බෞද්ධ සාහිත්‍යය යොදා ගැනීම ද නිර්මාණකරු ගේ විශිෂ්ටතාවකි. එසේ නම් ආසු නැරඹීම තවදුරටත් පමා නො කළ යුතු ය.

(ආසු සිනමාපටය තිරගත වීමට සමගාමී ව පාසල් සිසුන් සඳහා ගද්‍ය රචනා තරගයක් ද පැවැත්වෙන බව එහි අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර මහතා අප සමඟ පැවසුවේය. 'ආසු චිත්‍රපටයෙන් නිරූපණය වන මව් ගුණ පුරුෂාර්ථ' මැයෙන් මෙම රචනා තරගය පැවැත්වෙන බවත් ඊට අදාළ සියලු විස්තර ආසු නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය)

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5C9RIMPyO0xRz95cRYXi7SRbp26FsVviAwhZIF4D6QF8RCLLXNQ_pL4qB-Gotb-hBDwGPXsy5UfMLcvdOIdBjd0oIvXdRfn-WyTV9aRuChXTyeNJVf-ate5_XxGeBmlIsrDGKdCVe5XTCRcQaZqpR5wG-9f-JcBfvxAEv7eZ2I3aYI5z1ConLVxhy8tou/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh99cUr8IjIip8ofM_gcsAUYkP1cKKNXtOoI706op_1csql2tV-lLy340PgCeSDsZ1ewikPdKRd2zrUqNl_IbVtyksGTGnsYGxdocOYh8fpGsZ-j6zulqfy9hgP50QJk7HZckU_ENgUVpEoviZRWB67BFsN1_ZBlpUrTT_8CHxaHC_i1W4grcqon7WY2z2_/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhD9lqK5h4caJzJyPSv84yXesmRu8Ai9CQhLMos97DAefiVfxFrwm6vv05f2DgYaW-SqYjmNRIxQaKbV4eVAu2xE38mHvSkWlYTTDXtX2UO8gE6lXUZnNJTI77W2wQT12mAt3-ex5BCTuy_brc36cI1jYei2umJ_e4yKRguZUAwBmEhuSeBwTBZ6wVSu9Wg/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMeK7dkmk4fCUfFd7wt7E1KcJB70iKprtOtyaXAWY71RsBBNjH7rNuN221Z8d4vb39zGjAkcIwoiKSCm32D6rdxvY0Tncn6gfvexObLBQekiNqRPg2j6h_4RJ4wF5mWVv_JE4n013yxwkgRZObXDzTpog5-j7m_oeguyked8qxU9lHOT9bBoQ3GK3eiTYJ/s1600/4.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdLqMSnNX3-Xi5IWrPftV4NhKuYYgC3fCuMZn-jo2Wapc9R2M7nBHP4SJlIIh2bxtfLC_KEpXdZzG-n97X9GWhLUOJUoNB1aPrIB7a_BQeBhXisLd51roTMEcUO9L7jcUodmQoeZ9sclvxSet9ese61yi7wDBUd11b4Yh-H2AjaRoWd47sIMx44tTBc-cB/s1600/5.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidChFmPSqvvaJ7QT5ooQO8JHZNMReMBtbzUeJWEGJQ0HB4CQQyhDEdD4qL85mzYEgxBAlYAaP8AJUiUhqotDvuIFjTWW5_GfQg6fr6jeCeYlVsAzsSzk07gj2NYlZtp0GH9IENDruKM1WJJdScjzCOZIWTDeNTGK1HLMMIa7kOTU5cxWhYecl7xTHv_to_/s1600/6.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4eZSx0Nu96DB7CvTDwzDWFDrUiWrH0qniw87UeJyTEi1KjoIn-fg9nH14gcfGQdY8cAZ9Eg0bX5_23hfPmcU_DYx4kQId_k8T6U7pExrjyoFsbbevoz8TCyxpU7Em1ku3zk4zjwZyKe3G-DbxwYB_vFmRcC6UQV2IWV6eMzcr4oz8XnnyIAzDmvEqP1wj/s1600/7.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgV_3wuFiMVn4wJC-f7pwTSAHhlis6mPRiIGUli52BZbzTyLZm3U5RrgUXBA7wityBYKNN2KNe5ne26gMwZ_lNimVu2B-9RTiJ39SdmCNr7aZSEGizwjSuPHThBfrucWRR40ClEERjv3QlSPpVYh8s1yKszq2Lwi8hKZdAnn-MR7BEQUiJE_06OAmpJJCA4/s1600/8.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAkEP5JOQZvjsZmii0GtXwpVF6n6hFNKQtvg_U2EoX25Ul0hXmGCEAS6d_f-sOTmGuho9JzjrdXqSKW357NTtzrHGF_UyeQkqFmXBsBk-RM08s-TC_PkEe7flWMDJpziD8kzvL5uHrsjBFqK9IgzBGQu1T-zeBllxnU2grjC2_0sWWWyw_DuTndCdLxMWe/s1600/9.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ