නිල්වලා ගඟ ආශ්රිත ප්‍රදේශවලට අනතුරු අඟවයි
October 4, 2023 02:26 pm
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලින් තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැනට පිටාර මට්ටමේ පවතින නිල්වලා ගඟ ආශ්රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇති වුවහොත් එය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවය.
දිවයිනට බලපෑ ඇති අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12කට අයත් පුද්ගලයින් පීඩාවට පත්වී සිටී.
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මීගමුවෙන් වාර්තා වූ අතර එම අගය මිලිමීටර් 97 කි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාර්මාර්ග අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා,
"ඉදිරි කාලය තුළ නිල්වලා ගඟ ද්‍රෝණියට මිලිමීටර් 150ක් වැනි වර්ෂාවක් ලැබුණ හොත් නිල්වලා ගංගාවේ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානම පවතිනවා."
අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇති මාර්ග පිළිබඳ විස්තර ඉහත වීඩියෝවෙන් නරඹන්න.