දෙරණ ලෝක ළමා දින සැමරුමට සියල්ල සූදානම්
September 30, 2023 04:45 pm
දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම හෙට (01) රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වෙයි.
හෙට උදෑසන 8 සිට සවස 6 දක්වා ළමයින් සඳහා විශේෂ වැඩසටහන් රැසක් එම පරිශ්‍රයේදී සංවිධානය කර තිබේ.
විනෝදාස්වාදය සඳහා වූ ක්‍රීඩා, ගුවන් හමුදා සන්දර්ශන, චිත්‍ර තරග, මැජික් සන්දර්ශන, සුනඛ සන්දර්ශන, සංගීත වැඩසටහන් ආදී විශේෂාංග රැසක් හෙට දිනයේ මෙම පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.