කතරගම පූජා භූමියේ විශ්‍රාම ශාලාව නැවතත් කිරිවෙහෙරට
August 15, 2023 12:00 pm
කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකරනු ලැබූ රජයේ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට නැවත වරක් පවරා දී තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
කතරගම පූජා භූමියේ ඉඳිකර ඇති රජයේ විශ්‍රාම ගොඩනැගිල්ල මීට පෙර වසර 5ක කාලසීමාවක් සඳහා නඩත්තු කර පවත්වාගෙන යෑමට කිරිවෙහෙර රජමහා විහාරයට පවරා දී තිබුණි.
එම කාලයෙන් අනතුරුව විශ්‍රාම ශාලාව නැවත ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට භාරවුණි.
පසුව කිරිවෙහෙර රජමහා විහාරාධිපතිගේ ඉල්ලීමක් අනුව එම ගොඩනැගිල්ලේ නඩත්තු, අලුත්වැඩියා කටයුතු සහ අදාළ ගිවිසුම්ගත සේවාවන් නිරවුල් කිරීමට යටත්ව අවබෝධතා ගිවිසුමක් මත නැවත වසර 5ක් සඳහා පවරා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.