ආසාත්මිකතාවයෙන් සිදුවූ මරණය ගැන තවත් තොරතුරු

ආසාත්මිකතාවයෙන් සිදුවූ මරණය ගැන තවත් තොරතුරු

August 13, 2023   10:23 pm

ගම්පහ මහ රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයකින් මිය ගිය ගම්පහ බෙංමුල්ල දොරනාගොඩ පදිංචි 67 හැවිරිදි ලියනගේ රූපසිංහ මහතාගේ දේහය මේ වන විට එම නිවසේ තැන්පත් කර තිබේ.

මියගිය පුද්ගලයාගේ ඥාතියෙක්,
"කිසිම ලෙඩක් තිබුණේ නෑ. කකුලේ තිබුණ දදයකට තමා ඉස්පිරිතාලේ ගියේ. ඉන්ජෙක්ෂන් එක ගහලා විනාඩි 5ක් වත් ගිහිල්ලා නෑ. සෙම දාගෙන වැටිලා තියෙන්නේ.  මේක තනිකර නිහඬ මිනී මැරීමක්. "

මියගිය පුද්ගලයාගේ බිරිඳ,

"ඒ ඉස්පිරිතාලෙන් ගහපු ඉන්ජෙක්ෂන් එකට තමා නැති වුණේ. ඒ සැකේ තියෙනවා මොනවා නැතත් මට."