අවුරුදු සමයේ බස් රථ ගැන මගී පැමිණිලි 187ක්

අවුරුදු සමයේ බස් රථ ගැන මගී පැමිණිලි 187ක්

April 17, 2025   01:28 pm

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වු බස් රථ සේවා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි 187ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අනුමත බස් ගාස්තු අය නොකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ඒ අතර වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවාය.

1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ අදාළ පැමිණිලි ලැබී ඇතැයි පැවසු නයෝමි ජයවර්ධන මහත්මිය ටිකට්පත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති අතර, අවුරුද්දෙන් පසුව අදාළ පැමිණිලි විමර්ශනය කරන බව ද කියා සිටියාය.