මනම්පිටියේ වෙඩිතැබීමක්
April 18, 2025 09:10 pm
මනම්පිටියේ යාච්ඤා මධ්‍යස්ථානයක් ආසන්නයේ අද (18) රාත්‍රී 7ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඒ මනම්පිටිය කොළනිය පාරේ පිහිටි ශ්‍රී ලංකා සුභාරංචි යාච්ඤා මධ්‍යස්ථානයේ යාච්ඤා මෙහෙයක් අතරතුරදීය.
එම යාච්ඤා මෙහෙය අතරතුරදී පිටත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය සහ වැලිකන්ද පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරති.