සයුරෙන් එතෙර
අමෙරිකාව ඉරානයට දෙන පීඩනය චීනයටත් දැනෙයි
April 17, 2025 03:28 pm
චීනයේ ඉන්ධන පිරිපහදුවක් වෙත සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ඉරානයට එල්ල කරන පීඩනය වැඩි කිරීමට උත්සාහ කරන බැවින් අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වටිනා ඉරාන බොරතෙල් මිලදී ගැනීම සිදු කරන එම චීන පිරිපහදු මධ්‍යස්ථානයට සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ට්‍රම්ප්ගේ නව තීරණ ඉරානයෙන් තෙල් ආනයනය කරන චීන ආනයනකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කර තිබේ.
කෙසේවෙතත් චීනය එක්සත් ජනපද සම්බාධක පිළිනොගන්නා අතර ඉරානයේ තෙල් මිලදී ගන්නා විශාලතම ආනයනකරු වෙයි.
චීනය සහ ඉරානය බොහෝ දුරට චීන යුවාන් සහ අතරමැදි ජාලයක් භාවිත කරන වෙළෙඳ පද්ධතියක් ගොඩනගාගෙන ගනුදෙනු සිදුකරයි.