වියළි කාලගුණය හමුවේ මී උණ පැතිරීමේ අවදානමක්
August 11, 2023 12:44 pm
කුරුණෑගල ගනේවත්ත මකුල්වැව ගම්මානයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මී උණ වැළඳීමෙන් පසුගිය 09 වනදා මියගොස් තිබිණි.
38 සහ 39 හැවිරිදි වියේ පසුවූ අදාළ පුද්ගලයන් රෝගී වී තිබුණේ, ප්‍රදේශයේ පිහිටි කිරිඳිවැල්මඩ වැවේ දියනෑමෙන් පසුවය.
මකුල්වැව ප්‍රදේශයේම තවත් පුද්ගලයින් 12ක් පමණ උණ සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මසුන් ඇල්ලීමට සහ ස්නානයට ජලය අඩු වැව් වෙත ජනතාව පැමිණීමෙන් මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතා,
" මී උණ කියන රෝගය අද වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේක ලොකු ව්‍යවසනයක්. අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ අඩු වතුර තියෙන වැව්වලට ඒමෙන් වළකින්න. දිය නෑමෙන් සහ මාළු ඇල්ලීමෙන් වළකින්න. මේක රටේ හැම තැනටම පොදු කාරණයක්. ජලය අඩු තැන් වල මී උණ ව්‍යාප්තිය ගොඩක් වැඩි වෙලා තියෙනවා."